ප්‍රමුඛතා අනුව උතුරේ අධ්‍යාපනයට මැදිහත් වෙනවා

2025 අප්‍රේල් මස 07 ප.ව. 11:21 - {{hitsCtrl.values.hits}}  

උතුරු පළාතේ පාසල් අධ්‍යාපනය නගා සිටුවීම වෙනුවෙන් රජයේ මැදිහත්වීම යටතේ සුවිශේෂ කාර්යභාරයක් කළ යුතුව පවතින බවත්, ප්‍රමුඛතා හඳුනා ගනිමින් ප්‍රායෝගිකව වඩාත් ක්ෂනිකව ඉටු කළ හැකි අවශ්‍යතා සොයාබලා ඒවා ක්‍රියාවට නැංවීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, අද (7)  පෙරවරුවේ නාගදීපයේ ශ්‍රී  නාගපූෂණී අම්මාන් කෝවිල වැඳ පුදා ගැනීම සඳහා එක්වෙමිනි.

උතුරේ ජනතාවගේ සෞඛ්‍යය, අධ්‍යාපනය, ආර්ථිකය වැඩි දියුණු කරමින් ජන ජීවිත යහපත් කරලීම වෙනුවෙන්  දේශපාලන භේදයකින් තොරව පොදු අරමුණකින් එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන්නේය.

මෙම සංචාරය අතරතුර යාපනයේ  රදගුරුතුමන් සමඟ කළ සාකච්ඡාවක දී අනාවරණය වූයේ මෙම ප්‍රදේශයේ ජනතාවට ප්‍රමුඛ අවශ්‍යතා තුනක් පවතින බවත්,  එනම්, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය නගා සිටුවීම ඔවුන්ගේ මූලික අපේක්ෂා වී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

යාපනය දිස්ත්‍රික්කයේ සියලු අධ්‍යාපන බලධාරීන් හමුවීමට මෙම සංචාරයේදී අවස්ථාව හිමි වූ බව සඳහන් කළ අමාත්‍යවරයා, ජාතීන් අතර සන්නිවේදන දුරස්ථභාවය විසඳීමට පියවර ගැනීම ප්‍රමුඛ අවශ්‍යතාවක් වන බවද පැවසීය. ඒ සඳහා උතුරේ පාසල් සහ දකුණේ පාසල් අතර  සම්බන්ධීකරණය වඩාත් පුළුල් කිරීමට ද පියවර ගත යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම සංචාරයේදී අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායම නාගවිහාරය, නාගදීප විහාරය, නාගදීපයේ ශ්‍රී  නාගපූෂණී විද්‍යාලය,  නාගදීපයේ ශ්‍රී ගණේෂ කණිෂ්ඨ විද්‍යාලය, නෛතතිව් මහා විද්‍යාලය සහ නාගදීපයේ ශ්‍රී  නාගපූෂණී අම්මාන් කෝවිල  නිරීක්ෂණයට ද එක් වූ අතර, නාගදීප විහාරස්ථානය වැඳ පුදා ගැනීමට ද එක් වූහ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...