2025 ජනවාරි මස 15 ප.ව. 05:34 - {{hitsCtrl.values.hits}}
මෙරට ප්‍රාථමික ශ්‍රේණිවල සියලු සිසුන් ආවරණය වන පරිදි දරුවන් ලක්ෂ 17ක් සඳහා රුපියල් බිලියන 26ක් වැය කර පාසල් දිවා ආහාර වැඩසටහන අඛණ්ඩ ව වර්ධනය කර පවත්වාගෙන යන පසුබිමක සමහර පුද්ගලයන් දේශපාලන වේදිකාවල සිට ජනප්‍රිය ප්‍රකාශ නිකුත් කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.
රටේ සියලු ම පාසල් දරුවන්ට දිවා ආහාරය දෙන බව පවසන දේශපාලනඥයන් ඒ පිළිබඳ සංඛ්‍යාත්මක විශ්ලේෂණයක් ප්‍රායෝගික ව සිදු කර බලා මෙම ප්‍රකාශ සිදු කළ යුතු ව ඇතැයි ද ඒ මහතා මෙහි දී පැවසී ය.
අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජර්මන් ටෙක් ආයතනයේ සිසුන් වෙනුවෙන් අත්තිඩියේ ඉදි කළ නව සය මහල් නේවාසිකාගාර සංකීර්ණය සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.
මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ, මීට වසර දෙකකට පෙර තිබූ තත්වය ඉතා කෙටි කලක දී හාත්පසින් ම වෙනස් කර රට තුළ සාධනීය වාතාවරණයක් නිර්මාණය කළ බවයි. ඒ සඳහා මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බවත් අද බොහෝ දෙනකුට පෙර තිබූ ව්‍යසනකාරී තත්වය යළි සිහිපත් කළ යුතු ව ඇති බවත් හෙතෙම පැවසී ය.
දිනකට පැය 14ක විදුලි කප්පාදුවක් සමග දින ගණන් ඉන්ධන පෝලිම්වල සිටි යුගය නිමා කළ බවත් රටේ පැවති යුද්ධය ද නිමා වී ප්රජාතන්ත්රවාදී යාන්ත්‍රණය යළි යථාවත් වී ඇති විට එහි වටිනාකම බොහෝ දෙනකුට නොවැටහෙන බව ද හෙතෙම පැවසී ය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |