පාසල්, පෙරපාසල්, පිරිවෙන්, විශ්වවිද්‍යාල සහ උපකාරක පන්ති තවදුරටත් වැසේ

2025 අප්‍රේල් මස 07 ප.ව. 07:23 - {{hitsCtrl.values.hits}}  

රටේ පවතින කොවිඩ් 19 අවදානම නිසා රටේ සියලු ම පාසල්, පෙරපාසල්, පිරිවෙන්, උපකාරක පන්ති සහ විශ්වවිද්‍යාල සියල්ල නැවත දැනුම් දෙන තුරු විවෘත නොකිරීමට රජය තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.

වර්තමාන රජය මෙරට දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩ ව පවත්වාගෙන යාමට දැඩි උනන්දුවකින් පසුවුව ද පවතින අවදානම් තත්ත්වය මත පාසල් දූ දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂිත බව සහ ආරක්ෂාවට ප්‍රමුඛතාව ලබාදිය යුතු බැවින් එම තීණයට එළඹි   බවත් මෙම අවදානම යහපත් තත්ත්වයට පත්වීමෙන් අනතුරු ව නැවත පාසල් විවෘත කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසී ය.

එම ආයතන නැවත දරුවන් සඳහා විවෘත කිරීමට අවම වශයෙන් දින තුනකටවත් පෙර ඒ පිළිබඳ දැනුම් දීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...