පාසල් ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡාවක් බදාදා

2025 අප්‍රේල් මස 07 ප.ව. 07:00 - {{hitsCtrl.values.hits}}  

එළඹෙන බදාදා ලංකාවේ ප්‍රධාන වෛද්‍යවරුන්, අධ්‍යාපන විශේෂඥයන් ඇතුළු පිරිසක් හමුවීමට බලාපොරොත්තු වන බවත් පාසල්, පෙරපාසල්, පිරිවෙන්, විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සම්බන්ධ ව අදාළ උපදෙස් ලබා ගැනීමට බලපොරොත්තු වන අතර ඒ අනුව පාසල් විවෘත කිරිම සම්බන්ධ ව තීරණයක් ගන්නා බව ත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පිරිස් මහතා පැවසී ය.

අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ 2021/05/09වන දින අනුරාධපුර ජයන්ති විහාරය, රුවන්වැලිසෑය, ලංකාරාමය යන ත්‍රිවිධ විහාරයන්හි නායක හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි.

මේ වනවිට ත් සතියෙන් සතිය රටේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සමාලෝචනයට භාජනය කරමින් පාසල්, පෙරපාසල්, පිරිවෙන් සහ විශ්වවිද්‍යාල ආරම්භ කිරීම පිළිබඳ අඛණ්ඩ ව සාකච්ඡා කරන බව ත් උපකාරක පන්ති සම්බන්ධ තත්ත්වය ද එය ම බව ත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ ය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...