පාසල් තුළ හිතකර ඉගෙනුම් පරිසරයක් පවත්වාගෙන යාමට පියවර

2025 ජනවාරි මස 16 පෙ.ව. 03:02 - {{hitsCtrl.values.hits}}  

සියලු පාසල් තුළ හිතකර ඉගෙනුම් පරිසරයක් පවත්වා ගෙන යාමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන් ම පාසල් කටයුතු වලට අදාල තවත් පාර්ශව ගණනාවක නිලධාරීන් සහභාගී විය.

පන්ති කාමරයේ මෙන් ම පාසල් පරිශ්‍රය ප්‍රියජනක ස්ථානයක් මෙන් ම මානසික තෘප්තිමත්    බාවයකින් දරුවනට ඉගෙනුම් කටයුතු වල නිරත විය හැකි ස්ථානයක් බවට පත් කිරීම සඳහා ගත හැකි ඉදිරි පියවර පිළිබඳ මෙම අවස්ථාවේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

එසේම පවත්නා චක්‍රලේඛවල තවදුරටත් අවධානය යොමු විය යුතු කරුණු පිළිබඳ ව නැවතත් විදුහල්පතිවරුන් වෙත දන්වා යැවීමට ද සාකච්ඡා කළ අතර ඉදිරියේ සිසුන්ගේ බෑග් ආදිය පරික්ෂා කිරීමට අවශ්‍ය වුවහොත් එය විදුහල්පතිවරුන් විසින් ගුරුමණ්ඩලය, ශිෂ්‍ය නායක/ නායිකාවන් සහ පාසල් සංවර්ධන සමිති නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට ද තීරණය කරන ලදි.
 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...