2025 මාර්තු මස 31 ප.ව. 11:17 - {{hitsCtrl.values.hits}}
චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ හාල් තොගයෙන් පළමු කොටස් ද්විත්වය එළැඹෙන 28 දා හා ජුලි 06 දා කොළඹ වරායට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට ලබාදෙන දිවා ආහාර වැඩසටහනට අවශ්‍ය සහල් මෙට්‍රික් ටොන් 10000ක් චීනය ලංකාවට පරිත්‍යාග කිරීමට නියමිතය.
මෙම පරිත්‍යාගයෙන් පළමු හා දෙවැනි කොටස් මෙසේ කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබේ. මෙම සහල් තොගය කාණ්ඩ 6ක් යටතේ ශ්‍රී ලංකාවට ගෙන එයි.
ශ්‍රී ලංකාවේ අර්බුදයට පිළියමක් ලෙස චීනය ශ්‍රී ලංකාවට ලබාදෙන යුවාන් මිලියන 500ක ආධාර යටතේ මෙම සහල් තොගය ලබාදෙයි.
![]() |
diary Read more... |