පාසල් හා පෙරපාසල්වලට ඇස්බැස්ටස් තහනමක්

2025 අප්‍රේල් මස 07 ප.ව. 11:21 - {{hitsCtrl.values.hits}}  

අලුතින් ඉදි කරන පාසල් හා පෙර පාසල් ගොඩනැගිලි හා සඳහා ඇස්බැස්ටස් භාවිතය තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ.

2021 වසර අවසානයට පෙර රජයේ ගොඩනැගිලි සඳහා ඇස්බැස්ටස් භාවිතය සීමා කිරීමේ මූලික අදියර යටතේ මෙම තීරණය ගෙන ඇත.

මේ අතර ඇස්බැස්ටස් භාවිතය වෙනුවට විකල්පයක් ලෙස උළු නිෂ්පාදනය ඉහළ දැමීමට පරිසර අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ. ඒ අනුව පවතින මැටි හිඟයට පිළියමක් ලෙස යාන් ඔය ආශ්‍රිතව උළු නිෂ්පාදන කර්මාන්තපුරයක් ඉදි කිරීමට සැලසුම් කර තිබේ.තවත් වසර 200ට පමණ අවශ්‍ය මැටි මෙම නිධිය තුළ පවතින බවට මේවනවිට ගණන් බලා ඇති බව සඳහන්ය.

මේ අතර මා ඔය දෙපස පිහිටි මැටි නිධි ඉලක්ක කර ගනිමින් මේ වනවිට ස්ථාපිත කර ඇති උළු කර්මාන්ත ශාලා සඳහා මැටි ලබා ගැනීමේ ගැටලු උද්ගතවෙමින් පවතින අතර, මා ඔය ආශ්‍රිත මැටි නිධිය කැණීම තුළ මා ඔයට සිදුව ඇති බරපතළ පාරිසරික හානිය හේතුවෙන් කෙටි කාලයක් තුළ එම නිධිය අවසන් වනු ඇති බවට මේ වනවිට නිරීක්ෂණය කර තිබීම ඊට හේතු වී ඇත. (WMDJBM)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...