පාසල්වල අතිරේක ක්‍රියාකාරකම් නවත්වයි

2025 අප්‍රේල් මස 07 ප.ව. 11:18 - {{hitsCtrl.values.hits}}  

අධ්‍යාපන කටයුතු හැර පාසල්වල පවත්වන  සෙසු  ක්‍රියාකාරකම්, වැඩසටහන්, උත්සව යනාදීය තාවකාලිකව කල්දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය උපදෙස් ලබාදී තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා කලාප අධ්‍යාපන නිලධාරීන්ගේ මාර්ගයෙන් පාසල්වලට මෙම දැනුම්දීම කර ඇත.

ශ්‍රී ලංකාවට බලපා ඇති කොරෝනා වයිරසය හේතුවෙන් මෙම පියවර ගත් බවද ඒ මහතා පැවසීය.

කොරෝනා වසංගත තත්වය පැවතියදී පවා ඇතැම් පාසල්වල විවිධ උත්සව සහ බාහිර ක්‍රියාකාරකම් පවතින බවට අධ්‍යාපන අමාත්‍යංශයට තොරතුරු ලැබී බවද අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේය.

සිසුන් සහ අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ සියලුම පිරිසගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන සැලකීම අතිශය වැදගත් බවත්, ඒ වෙනුවෙන් වගකීම් සහිතව ක්‍රියකාරන ලෙසත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මේ වනවිටත් සංවිධානය කර ඇති එවැනි වැඩසටහන් ඇත්නම් ඒවා නවතා දැමීමට පාසල්වල විදුහල්පතිවරුන් දැනුවත් කර තිබේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...