පාසල්වල පැවැත්විය හැකි සහ නොහැකි උත්සව සහ වැඩසටහන්

2025 අප්‍රේල් මස 07 ප.ව. 11:25 - {{hitsCtrl.values.hits}}  

පාසල් පරිශ්‍රයෙන් බැහැර ව විශාල වශයෙන් ළමුන් ඒකරාශී කොට සිදු කරනු ලබන පෙරහැර පැවැත්වීම්, රථවාහන පෙළපාලි හා සංදර්ශන වැනි වැඩසටහන් පැවැත්වීම හා බාහිර පුද්ගලයන් සමඟ ගැටෙන ආකාරයෙන් සංවිධානය කරනු ලබන සෞඛ්‍යමය වශයෙන් අවදානම් සහගත වැඩසටහන් සඳහා සිසුන් සහභාගී කරවීම අධ්‍යාපන අමාත්‍යංශය විසින් තහනම් කර ඇත.

එසේ වුව ද පාසල තුළ සංවිධානය කෙරෙන විෂය සමගාමී වැඩසටහන් (කථික තරඟ, විවාද තරඟ, රුක් රෝපණ වැඩසටහන් වැනි) සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිර්දේශිත ක්‍රීඩා ඉසව්, සිසු ආකල්ප හා කුසලතා සංවර්ධනය සඳහා සිසුන් විශාල වශයෙන් එක් රැස් නොකරමින් සිදු කරන වැඩසටහන්, පාසල් සංවර්ධනය උදෙසා පැවැත්වෙන නිල රාජ්‍ය උත්සව හා දූරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් සෞඛ්‍ය වත් පිළිවෙත්වලට අනුකූල ව සංවිධානය කළ හැකි වැඩසටහන් සම්බන්ධයෙන් ඉහත තහනම වලංගු නොවේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...