පාසල්වල සියලුම ශ්‍රේණි ආරම්භයට උපදෙස්

2025 අප්‍රේල් මස 19 පෙ.ව. 10:31 - {{hitsCtrl.values.hits}}  

කොවඩ් වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් නිවාඩු ලබාදුන් රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව පාසලේ සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200ට වැඩි වුවද සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින්, ශිෂ්‍ය පරතරය හා පුද්ගල දුරස්ථභාවය පවත්වාගෙන යා හැකිනම් හා ප්‍රමාණවත් පන්ති කමාර, ගුරුවරුන් ඇත්නම් එවැනි පාසල්වල සියලුම ශ්‍රේණි සඳහා පාසල් නැවත ආරම්භ කිරීමට මේ අවස්ථාව තිබේ.

මේ පිළිබඳව පළත් ප්‍රධාන ලේකම්වරුන්ට, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ට, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට, පරිවේනාධිපතිවරුන්ට, විදුහල්පතිවරුන්ට අවශ්‍ය උපදෙස් නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...