2025 ජනවාරි මස 16 ප.ව. 02:37 - {{hitsCtrl.values.hits}}
පවතින දුෂ්කර කාලය පසුකර යෑමට සියලු දෙනා එක්ව, එක් ජාතියක් ලෙස සමගි සම්පන්නව ක්‍රියා කළ යුතු බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අලුත් අවුරුදු පණිවිඩය යොමුකරමින් ඔහු සඳහන් කරන්නේ අභියෝගාත්මක කාලයේ අනපේක්ෂිතව මුහුණ දුන් පීඩාවන් එකිනෙක මගහැරලීමට අවශ්‍ය අනාගත සැලසුම් රජය දැනටමත් ක්‍රියාවට නංවමින් සිටින බවයි.
සිංහල - දෙමළ අලුත් අවුරුදු පණිවුඩය
ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රෞඩ උරුමයක් වන සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් සුභාශිංසන පළ කරනුයේ ඉමහත් සතුටිනි.
දුක්ඛ දෝමනස්සයන් පහ කොට සතුට ළඟාවීමේ අපේක්ෂාව සංකේතවත් වන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අප සියලු දෙනාගේ මහා සංස්කෘතික මංගල්‍යයයි.
කෘෂිකර්මය පදනම් කරගත් ඓතිහාසික සමාජ සංස්කෘතික වටිනාකම් පරපුරෙන් පරපුරට දායාද වන අලුත් අවුරුදු උත්සවය සිංහල දෙමළ ජනතාවගේ අතීත සබැඳියාව සිහිගන්වයි.
නැකත් චාරිත්‍රයන්ට මුල් තැන දෙමින් අප සියලු දෙනාගේ අපේක්ෂාව අලුත් අවුරුද්දේ යහපත් බලාපොරොත්තු ඉටුකර ගැනීමයි.
පවතින දුෂ්කර කාලය පසුකර යෑමට වුවද අප සියලු දෙනා එක්ව, එක් ජාතියක් ලෙස සමගි සම්පන්නව ක්‍රියා කළ යුතු වේ.
අභියෝගාත්මක කාලයේ අනපේක්ෂිතව ඔබ අප මුහුණ දුන් පීඩාවන් එකිනෙක මගහැරලීමට අවශ්‍ය අනාගත සැලසුම් රජය දැනටමත් ක්‍රියාවට නංවමින් සිටියි.
ඔබට, ඔබේ පවුලේ සාමාජිකයන්ට මෙන්ම සමස්ත රට වැසියන්ට උදාවූ අලුත් අවුරුද්ද සාමය, සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!යැයි ප්‍රාර්ථනා කරමි.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |