2025 මාර්තු මස 20 පෙ.ව. 05:13 - {{hitsCtrl.values.hits}}
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන් කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්තවී තිබේ.
අභාවප්‍රාප්ත වන විට 85 හැවිරිදි වියේ පසු වූ ඒ මහතා ශ්‍රී දළදා පෙරහරේ විශිෂ්ටතම වෙස් නර්තන ශිල්පියා වශයෙන් වසර 35ක් ජනාධිපති සම්මානයට පාත්‍රවී තිබේ. උඩරට වෙස් නර්තනය ලොව පුරා ප්‍රචලිත කිරීමට රටවල් 80කට අධික ප්‍රමාණයකට සංචාරය කොට ඇති සූරසේන මහතා ලන්ඩන් හි ඓතිහාසික ඇල්බට් ශාලාවේ නර්තනයක් ඉදිරිපත් කළ එකම වෙස් නැටුම් ශිල්පියාද වේ.
ඒ මහතාගේ දේහය අරුප්පොල පිහිටි සූරසේන කලාආයතනයේ තැන්පත් කොට ඇති අතර අවසන් කටයුතු හෙට (26) සවස7.30 ට මහයියාව ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතය.
![]() |
diary Read more... |