පුරාවිද්‍යා පනත සංශෝධනයට

2025 අප්‍රේල් මස 07 ප.ව. 11:15 - {{hitsCtrl.values.hits}}  

පුරාවිද්‍යා  පනතට සංශෝධන ගෙන ඒමට හෝ නවතම පනතක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ජාතික උරුම, ප්‍රසංග කලා හා ග්‍රාමිය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ලංකාදීපයට පවසා තිබේ.
ඒ සඳහා මූලික කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති බව ද ඇමතිවරයා ලංකාදීපයට පවසා ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග ගැටුමක් ඇති නොවන පරිදි එම සංශෝධන සිදුකිරීම හෝ නව පනතක් ගෙන ඒම සිදුවනු ඇතැයි  පෙන්වා දී ඇති රාජ්‍ය අමාත්‍යවරයා පුරාවස්තු විනාශයන්ට එරෙහිව පවතින දඩමුදල් හා දඬුවම් වැඩි කිරීම ඇතුළු අංශ ගණනාවක් ඔස්සේ පුරා විද්‍යා පනතට සංශෝධන ගෙන ඒමට පැවැති රජය 2017 දී උත්සාහ කළ නමුත් එම සංශෝධන සිදුනොවුන බවද පෙන්වා දී තිබේ.
(විනිතා එම්. ගමගේ/ලංකාදිප)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...