පෘථිවිය ජීවත්වීමට නොහැකි තැනකට ගමන් කරනවා -UN

2025 පෙබරවාරි මස 06 පෙ.ව. 01:20 - {{hitsCtrl.values.hits}}  

ලෝකයේ රටවල වඩා වේගයෙන් සිදුවන හරිතාගාර වායු විමෝචනය අඩු නොවන්නේ නම් පෘථිවියේ උෂ්ණත්වය ප්‍රධාන අන්තරාදායක ලක්ෂ්‍යයක් පසුකර යනු ඇතැයි ලෝකයේ ඉහළම දේශගුණ විද්‍යාඥයන් ප්‍රකාශ කළේ අකර්මණ්‍ය වීමේ ප්‍රතිවිපාක ගැන අනතුරු අඟවන නමුත් ප්‍රගතියේ බලාපොරොත්තුවද තවමත් අත්නොහැරිය හැකි බව පවසමිනි.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පැවසුවේ දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලයේ වාර්තාවෙන් රජයන් සහ සංවිධානයන් විසින් "කඩවුණු දේශගුණික පොරොන්දු පිළිබඳ හුදෙක් කෑමොර දීමක් පමණක්" සිදුකර ඇති අතර, හානිකර පොසිල ඉන්ධනවලටම ඇලී සිටීමෙන් ඔවුන් ගෝලීය උණුසුම වැඩිකරමින් සිටින බව පමණක් හෙළිවූ බවය.

"එය ලැජ්ජා සහගත ගොනුවක් වන අතර, ජීවත්විය නොහැකි ලෝකයක් කරා අපව ස්ථිරව තබා ඇති හිස් පොරොන්දු ලැයිස්තුගත කිරීමක් වෙනවා" ඔහු පැවසීය.

මෙම සියවසේදී ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 2කට වඩා අඩුවෙන් තබා ගැනීමට 2015 පැරිස් සම්මුතියේදී රජයන් එකඟ විය. එහෙත් පූර්ව කාර්මික යුගයේ සිට දැනටමත් උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.1කින් වැඩි වී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස හදිසි ගංවතුර, අධික උණුසුම, වඩාත් තීව්‍ර සුළි කුණාටු සහ දිගුකාලීන ලැව්ගිනි වැනි ව්‍යසනවල මැනිය හැකි වැඩිවීම්, මිනිස් ජීවිත අනතුරේ හෙළමින් සහ රජයන්ට ඩොලර් බිලියන ගණනින් වැය කිරීමට සිදුව තිබේ.

මෙම නවතම වාර්තාවේ සම සභාපති, ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි ජේම්ස් ස්කී පැවසුවේ, "අපි දැන් සිටින ආකාරයටම දිගටම ක්‍රියා කළහොත්, අපි උෂ්ණත්වය අංශක 2කට සීමා කිරීමටවත් යන්නේ නැහැ." යනුවෙනි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...