2025 අප්‍රේල් මස 01 ප.ව. 11:44 - {{hitsCtrl.values.hits}}
පෙබරවාරි මෙරටට විදේශ සංචාරකයින් ලක්‍ෂයකට අධික පිරිසක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අදිකාරිය පවසයි.
මෙම මස 26 වැනිදා වන විට සංචාරකයන් ලක්‍ෂය ඉක්මවූ බවත් පසුගිය ජනවාරි මාස සංචාරකයින් 102,545 ක් ශ්‍රී ලංකාවට පැමිණි බවත් එම අධිකාරිය කියයි.
මෙම මස ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන්ගෙන් වැඩි සංඛ්‍යාවක් රුසියානු ජාතිකයන් බවත් ඉන්දියාව, බි්‍රතාන්‍ය, ජර්මනිය, ප්‍රංශය, ඕස්ටේ්‍රලියාව, කැනඩාව, ඇමෙරිකාව සහ ඊශ්‍රායලය යන රටවලින්ද සංචාරකයන් වැඩි සංඛ්‍යාවකත් පැමිණ ඇති බවත් එම අධිකාරිය වැඩි දුරටත් කීය.
පසුගිය ජනවාරි මාසයේදී මෙරටට සංචාරකයන් ලක්ෂයේ සීමාව ඉක්මවා පැමිණි අතර ඒ අනුව මාස දෙකක් තුළ මෙරටට පැමිණි සංචාරකන් සංඛ්‍යාව ලක්ෂයේ සීමාව ඉක්මවා යාම කැපී පෙනෙයි.
![]() |
diary Read more... |