පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්

2025 අප්‍රේල් මස 17 ප.ව. 05:16 - {{hitsCtrl.values.hits}}  

මෙරට අධ්‍යාපනය පද්ධතිය තුළ පෙරපාසල් අධ්‍යාපනය සඳහා ලැබිය යුතු ප්‍රමුඛතාව සහ විශේෂතා පිළිබඳ මූලික අවධානය යොමු කරමින් ‘පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්’ සම්පාදනය කිරීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් ඊයේ 19 දින අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී පැවැත්විණි.

ප්‍රාථමික අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂඥ උපදෙස් අනුව මේ වන විට සකස් කොට තිබෙන දළ පිටපත පිළිබඳ වැඩිදුර අධ්‍යයනයටත් එහි සිදු විය යුතු සංශෝධන පිළිබඳ සොයා බලා අවසන් තීරණයක් ගැනීම සඳහාත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන්වහන්සේගේ සභාපතිත්වයෙන් නව දෙනෙකුගෙන් යුත් කමිටුවක් එහිදී පත් කෙරිණි.

ඒ අනුව අදාළ කමිටුවේ නිර්දේශ සහිත ව මේ පිළිබඳ අවසන් තීරණ ගැනීම පිණිස 2020/12/11වැනි දින අධ්‍යාපන අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව රැස්වීමට නියමිත ය.

මෙම අවස්ථාව සඳහා කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ සහ අධ්‍යාපන අමාත්‍යංශය, ජාතික අධ්‍යාපන ආයතනය, පළාත් සභා, ජාතික ළමා ලේකම් කාර්යාලය ඇතුළු ආයතන ගණනාවක නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...