පොළොන්නරුව සොළොස්මස්ථාන පූජා භූමියක් වෙයි

2025 අප්‍රේල් මස 09 පෙ.ව. 03:47 - {{hitsCtrl.values.hits}}  

පොළොන්නරුව ඵෙතිහාසික සොළොස්මස්ථාන පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.ඒ අනුව එම සන්නස්පත්‍ර ප්‍රදාන උත්සවය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගල්ගේ විහාරය, උත්තරාරාමයේදී පසුගියදා සිදුකෙරුණි.

 එහිදී අග්‍රාමාත්‍යවරයා විසින් පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති, මහනුවර අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි හිමියන් වෙත සන්නස්පත්‍රය ප්‍රදානය ක‍ර  ඇත.

බුදුදහම ප්‍රමුඛත්වයෙහි ලා සලකමින්, ආධ්‍යාත්මික වශයෙන් පිරිපුන් ගුණගරුක ජනසමාජයක් බිහිකිරීම හා ශ්‍රී ලාංකේය ඵෙතිහාසික උරුමයන් අනාගත පරපුර වෙත සුරක්ෂිතකොට දායාද කිරීමේ අරමුණින් පොළොන්නරු ඵෙතිහාසික සොළොස්මස්ථාන රජමහා විහාරස්ථානය අංක 2201/2 දරණ අති විශේෂ ගැසට්පත්‍රය මගින් පූජා භූමියක් ලෙස මෙලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

 

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...