බස්නාහිර පාසල්වලින් කොටසක් 15 වැනිදා විවෘත කරන්න යයි

2025 අප්‍රේල් මස 09 පෙ.ව. 04:02 - {{hitsCtrl.values.hits}}  


බස්නාහිර පළාතේ පාසල්වලින් කොටසක් ලබන මස 15 වැනිදා සිට විවෘත කිරීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.
බස්නාහිර පළාතේ හුදෙකලා කළ ප්‍රදේශවල පිහිටි පාසල්වල හැර සෙසු පාසල්වල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් හෙට (25) සිට පාසල් විවෘත කෙරෙන බව කී ඇමතිවරයා සෙසු ශ්‍රේණිවල සිසුන්ට ද ලබන 15 වැනිදා සිට ක්‍රමයෙන් පාසල් විවෘත කරන බව සඳහන් කළේය.

ඒ අනුව එම පළාතේ ඇති පාසල් 1,576 ක ප්‍රමාණය අතුරින් පාසල් 900 ක පමණ අධ්‍යාපන කටයුතු ලබන මස 15 වැනිදා වන විට ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි අමාත්‍යවරයා කීවේය.

මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මස 1 වැනිදා සිට 11 වැනිදා තෙක් පැවැත්වෙන අතර බස්නාහිර පළාතේ සිසු සිසුවියන් 79,000ක් ඒ වෙනුවෙන් පෙනී සිටින බවත් ඇමති ජී.එල් පීරිස් මහතා ප්‍රකාශ කළේය.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පාසල් වසා තිබූ කාලයේදී මග හැරී ගිය එම සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කිරීම වෙනුවෙන් අද සිට ඔවුන්ට පාසල් විවෘත කෙරෙන බව ද ඇමතිවරයා කීවේය.

ඉන්පසු සෞඛ්‍ය අංශවල උපදෙස් හා මාර්ගෝපදේශ යටතේ ලබන 15 වැනිදා සිට බස්නාහිර පළාතේ පාසල් සෙසු ශ්‍රේණිවල සිසුන් වෙනුවෙන් ද විවෘත කෙරෙන බව මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සඳහන් කළේය.

(ඩයනා උදයංගනී- Lankadeepa news)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...