බස්නාහිර සියලු පාසල් අද විවෘතයි

2025 අප්‍රේල් මස 07 ප.ව. 11:17 - {{hitsCtrl.values.hits}}  

කොවිඩ් -19 වසංගතය හේතුවෙන් වසා දමා තිබූ බස්නාහිර පළාතේ සියලු පාසල් අද (29) දිනයේ සිට යළි විවෘත කිරීමට නියමිතව තිබේ.

කොවිඩ් -19 වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ වසා දැමුණු පාසල් අදියර කිහිපයක් යටතේ විවෘත කළත් බස්නාහිර පාසල් විවෘත කිරීම අවස්ථා කිහිපයකදීම ප්‍රමාද කෙරිණි.

පසුගිය 15 වන දින සිට බස්නාහිර පළාතේ පාසල්වල 5, 11 සහ 13 ශ්‍රේණිවල පංති ආරම්භ කෙරුණු අතර සෙසු ශ්‍රේණිවල පංති අද දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

පාසල් විවෘත කිරිම සඳහා පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කළ අතර ඒ අනුව සිසුන් 15ක් දක්වා සිටින පංති සතියේ සෑම දිනකම පැවැත්විය හැකි වේ.

සිසුන් 16ත් 30 අතර සිටින පංති කණ්ඩායම් දෙකකට බෙදා සතියක් හැර සතියක් පැවැත්විය යුතු අතර සිසුන් 30 වැඩි පංති කණ්ඩායම් තුනකට බෙදා සමාන දින සංඛ්‍යාවක් වන සේ පැවැත්විය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශ නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් කර තිබේ.

කොළඹ අගරදගුරු පදවියට අයත් කතෝලික සභාවේ බස්නාහිර පළාතේ පිහිටි සියලුම පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් අප්‍රේල් මස 5වන දා ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...