බේරුවලට භූමි කම්පාවක්

2025 මාර්තු මස 31 ප.ව. 04:44 - {{hitsCtrl.values.hits}}  

බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ග්‍රාම නිලධාරි වසම් කිහිපයක අද (30දා) දහවල් එකත් එකයි දහයත් අතර වෙලාවේදී  සුළු භූ කම්පන තත්ත්වයක් ඇතිවී නිවාස වල වහලය මතින් දෙදරීමක් ඇතිවූ බව ගම්වැසියන් පැවසීය.

බේරුවල  නගරාසන්නයේ පොල්කොටුව, පයාගල පිනිදිය මුල්ල, වෙනිවැල් කැටිය, යන ගම්වල නිවාස විශාල ප්‍රමාණයකට මෙම තත්ත්වය දැනී තිබේ.

මේ පිළිබඳ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා පැවසුවේ තත්පර 30 ක පමණ කාලයක් මෙම තත්ත්වය හටගෙන තිබෙන බවයි.

ඉන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැති බවත් ය. බේරුවලට මුහුදු සැතපුම් විසිහතරක් ඔබ්බෙන් 3.7 අගයක් මෙම ඔව්කම්පනය තුළින් පෙන්නුම් කර තිබේන බව කියයි.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...