2025 පෙබරවාරි මස 11 පෙ.ව. 06:33 - {{hitsCtrl.values.hits}}
ඉන්දියාවේ බාලදක්ෂ සංගමය මගින් සංවිධානය කළ භාරත 75 වන දියමන්ති ජුබිලි බාලදක්ෂ ජම්බෝරියට සහභාගී වූ ශ්‍රී ලංකා බාලදක්ෂිකා කණ්ඩායම 02/04 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
මෙම බාලදක්ෂ ජම්බෝරිය ලෝකයේ රටවල් ගනනාවක බාලදක්ෂ , බාලදක්ෂිකාවන් 16,000 කගේ සහභාගීත්වයෙන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ට්‍රිචිනාපොලි නුවර දී පවත්වා තිබුණි .
මෙම බාලදක්ෂ ජම්බෝරියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බාලදක්ෂිකාවන් 23 දෙනෙකු සහභාගී වී සිටියහ .
ඔවුන් මෙයට සහභාගී වූ අනෙකුත් සියලුම රටවල් පරදා , ක්‍රීඩා , නර්තන , කණ්ඩායම් තරග ඇතුළු එහි පැවති සෑම අංගයකින්ම වැඩි දස්කම් දැක්වීමකට සමත් වී තිබුණි .
මෙම ශ්‍රී ලංකා බාලදක්ෂිකා කණ්ඩායම 02/04 දින රාත්‍රී 10.00 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 124 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
![]() |
diary Read more... |