මතට ඇබ්බැහිවුවන්ට උපදේශන සේවා සඳහා දුරකථන අංකයක්

2025 අප්‍රේල් මස 17 ප.ව. 05:18 - {{hitsCtrl.values.hits}}  

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් සහ ඔවුන්ගේ සමීපතමයින්ට උපදේශන සේවා ලබාදීම වෙනුවෙන් විශේෂ දුරකථන අංකයක් හඳුන්වාදීමට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පියවර ගෙන තිබේ.

ඒ අනුව 1927 කෙටි අංකය ඔස්සේ පැය 24 පුරා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම මෙම උපදේශන සේවාව ක්‍රියාත්මක බව එම මණ්ඩලය පවසයි.

වර්තමානයේ රට තුළ උද්ගතව ඇති කොවිඩ් -19 වසංගත තත්ත්වය සමග මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයින් වඩාත් අවදානම් කණ්ඩායමක් බවට පත්ව ඇති අතර ප්‍රතිකාර හා උපදේශන සේවාවන්ට ප්‍රවේශවීමේදී ඔවුන්ට විවිධ ගැටලුවලට මුහුණපෑමට සිදුවන බව හඳුනාගෙන තිබේ.

මේ හේතුවෙන් මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයින් හා ඔවුන්ගේ සමීපතමයින් මුහුණපාන ගැටලු  සඳහා අවශ්‍ය උපදේශන සේවාවන් කඩිනමින් සැපයීම වෙනුවෙන් මෙම දුරකථන අංකය හඳුන්වාදී ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සදහන් කරයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...