මහනුවර ඇසළ මංගල්‍යය හෙට ඇරඹෙයි

2025 අප්‍රේල් මස 08 පෙ.ව. 03:35 - 329  

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය සඳහා කප් සිටුවීමේ මංගල්‍යය  ජූලි මස 29 දින අළුයම තුනයි තුනට යෙදෙන සුබ මොහොතින්  සිව් මහා දේවාලයන්හි දී  සිදුකරන බව  වන දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

මහනුවර ඓතිහාසික නාථ,විෂ්ණු,කතරගම හා පත්තිනි යන සිව් මහා දේවාලයන්හි 29 වන දින අළුයම 3.03 ට යෙදෙන සුබ මොහොතේදී මෙම කප් සිටුවීමේ මංගල්‍යය සිදු කිරීමට නියමිත බවද ඒ මහතා කීය.

සතර මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් පසුව දේවාල අභ්‍යන්තර පෙරහර පහක් පැවැත් වන අතර ඉන් අනතුරුව මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය වීදී සංචාරය ආරම්භ කරමින් ප්‍රථම කුඹල් පෙරහර අගෝස්තු මස දෙවන දින  ආරම්භ වෙයි.

2022  අගෝස්තු  මස දෙවනදා සිට හයවනදා දක්වා කුඹල් පෙරහැර වීදී සංචාරය කිරීමෙන් පසුව අගෝස්තු මස හත් වනදා සිට රන්‍දෝලි පෙරහර වීදී සංචාරය අරඹයි.මෙවර ප්‍රථම රන්දෝලි පෙරහර අගෝස්තු මස හත් වන දින වීදි සංචාරය කරයි.

අවසන් රන්දෝලි මහ පෙරහර නිකිණි පුන් පොහෝ දිනය යෙදෙන අගෝස්තු මස 11 වන දින රාත්‍රියේ වීදි සංචාරය කිරීමෙන් අනතුරුව පසු දින අළුයම ගැටඹේ දියකපනා තොටේදී දිය කැපීමේ මංගල්‍යය සිදු කෙරෙයි.

අනතුරව දහවල් පෙරහර වීදී සංචාරය කර මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්වීමට නියමිත බව දෑල බණ්ඩාර මහතා කීය. වසර තුනකට පසුව මහජන සහභාගිත්වයෙන් මෙවර ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වීම විශේෂත්වයක් වෙයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...