මහපොළ දීමනාව ප්‍රමාදයකින් තොරව සිසුන් අතට

2025 මාර්තු මස 28 ප.ව. 11:10 - {{hitsCtrl.values.hits}}  

මහපොළ ශිෂ්‍යාධාරලාභීන් වෙත එම දීමනාව ප්‍රමාදයකින් තොරව ලබා දීමට ගත හැකි ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡාවක් අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණි.

මෙහිදී 2025 වසර සඳහා, පළමු වසර විද්‍යාර්ථීන්ට සිදු වී ඇති මහපොළ දීමනාව ලැබීමේ ප්‍රමාදය අවම කර ගැනීමට ගත හැකි කෙටිකාලින පියවර සහ අනෙකුත් වසරවල විද්‍යාර්ථීන්ට මහපොළ දීමනාව ප්‍රමාදයකින් තොරව ලබා දීමට ගත හැකි පියවර කෙරෙහි අවධානය යොමු විය. එමෙන් ම දිගු කාලින වැඩපිළිවෙළක් ලෙස මහපොළ ශිෂ්‍යධාරලාභීන් වෙනුවෙන් ඇති පරිගණකගත දත්ත පද්ධතිය නවීකරණය කිරීම සම්බන්ධයෙන් ද නියෝජ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු විය.

මෙම සාකච්ඡාව සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න ඇතුළු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ මහපොළ භාරකාරත්ව අරමුදලේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...