මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ සමුගනියි

2025 අප්‍රේල් මස 07 ප.ව. 04:46 - {{hitsCtrl.values.hits}}  

දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා අද (6) අභාවප්‍රාප්ත විය.

කලක් රෝගී තත්වයකින් පීඩා විඳි පුරසිංහ මහතා මියයන විට 60 හැවිරිදි වියෙහි පසුවිය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශය පිහිටුවීමට මුල් වී කටයුතු කළ ටෙරන්ස් පුරසිංහ මහතා එහි ප්‍රථම අධ්‍යයන අංශ ප්‍රධානියා ද විය.

මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් මූලික උපාධිය සහ පශ්චාද් උපාධිය ලබාගත්තේය.

ටෙරන්ස් පුරසිංහ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (7) සිදුකිරීමට නියමිතය. ඔහු එක්දරු පියෙකි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...