මහාවංශය ලෝක උරුමයක් වෙයි

2024 සැප්තැම්බර් මස 08 පෙ.ව. 07:05 - {{hitsCtrl.values.hits}}  

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුස්තකාලය සතු මහා වංශය පුස්තකයලෝක උරුමයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් අවුඩ්‍රේ ඔසේලේ මහත්මියගේප්‍රධානත්වයෙන් එම පුස්තකාල පරිශ්‍රයේදී සිදු කෙරුණි.

එහිදී ලෝක උරුමයක් ලෙස නම් කෙරුණු එම පුස්තකයට අදාළ සහතික පත්‍රය ප්‍රධානය කිරීම යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින්පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය ජී.එච්. පීරිස් මහතා වෙත භාරදුන් අතර ඊට අදාළ සමරු පලකයක්ද ඇය විසින් විවෘත කරන ලදී .

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එම්. ඩී. ළමාවංශ මහතා විසින් යුනිස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයට පැමිණීම සනිටුහන් කරමින් විශේෂ සමරු පොතක්ද එහිදී පිළිගැන්විණි .

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලාධිපතිආචාර්යඑම්. මහේෂ්වරන් මහතා ඇතුළුපිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ .

ෂේන් සෙනෙවිරත්න 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...