මාස 6න් ඉහළ ළමුන් සඳහා කොවිඩ් එන්නත් භාවිත කිරීමට අත්හදා බැලීම්

2024 නොවැම්බර් මස 21 ප.ව. 08:22 - {{hitsCtrl.values.hits}}  

ලෝකයේ ප්‍රථම වතාවට මාස 6 ක ළමුන් සඳහා ලබා ගත හැකි COVID-19 එන්නත් සඳහා වන තෙවැනි අදියරේ සායනික අත්හදා බැලීම් දකුණු අප්‍රිකාවේදී ආරම්භ කර ඇති බව චීන ඖෂධ සමාගමක් වන සිනෝවාක් සහ දකුණු අප්‍රිකාව පදනම් කරගත් නියුමොලක්ස් සමූහය සිකුරාදා නිවේදනය කළේය.

ඔතුන්වන අදියර සායනික අත්හදා බැලීම් වල අරමුණ වන්නේ COVID-19 ආසාදන සඳහා මාස 6 ත් අවුරුදු 17 ත් අතර වයසේ පසුවන ළමුන් සම්බන්ධ දරුණු රෝගී අවස්ථාවන්හි සිනොවාක් එන්නත් වල ආරක්‍ෂාව, ප්‍රතිශක්තිකරණ භාවය සහ සාර්‍ථකභාවය ඇගයීම බව සිනොවාක් සමාගම පවසයි.

සිනොවාක් සමාගම විසින් නිපදවන ලද කොරෝනා වෛරසයට එරෙහි අක්‍රිය එන්නත් අවුරුදු 3 ත් 17 ත් අතර වයසේ පසුවන යෞවනයන්ට ලබා දීමේදී මූලික වශයෙන් ආරක්ෂිත සහ ඵලදායී වන අතර මැයි මාසයේදී එම කොවිඩ් -19 අක්‍රීය කළ එන්නත් හදිසි භාවිතය සඳහා චීනය අනුමත කළේය.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...