2025 ජනවාරි මස 23 පෙ.ව. 03:25 - {{hitsCtrl.values.hits}}
ෂියාන්, ජූනි 8 (ෂින්හුවා) - මින්ග් රාජවංශය (1368-1644) දක්වා දිවෙන මාලිගාවක නටඹුන් වයඹදිග චීනයේ ෂැන්සි පළාතේ තිබී සොයා ගත් බව ෂැන්සි පුරාවිද්‍යා ඇකඩමිය අඟහරුවාදා පැවසීය.
යුලින් නගරයේ ජින්ග්බියන් ප්‍රාන්තයේ පිහිටා ඇති ක්වින්පින්බාවෝ මාලිගයේ නටබුන් අතර මළු දෙකක් ඇතුළු වාස්තු විද්‍යාත්මක ද්‍රව්‍ය හමු විය.
දකුණු පැත්තේ මළුව මීටර් 60 ක් දිග සහ මීටර් 25 ක් පළලය. එහි බිත්ති හා ගඩොල් තට්ටු හොඳින් ආරක්ෂා වී ඇත.
පුරාවිද්‍යාඥයින් මෙම මළුවේ තිබී ගල් සෙල්ලිපියක්ද සොයාගෙන තිබේ. මෙම සෙල්ලිපියට අනුව අනුව මළුව යනු ෂියානිං මාළිගාව නම් පන්සලක භූමියයි. පින්තාරු කරන ලද මැටි පිළිම 30 කට වැඩි ප්‍රමාණයක් ද හමු වී තිබේ.
අනෙක් මළුව යනු ෂියානිං මාළිගාවට නැගෙනහිරින් පිහිටි විශාල ගොඩනැගිල්ලක නටබුන්ය. මීටර 12 ක් දිග සහ මීටර් 3 ක් උස ඉතිරි පදනමක් මෙහි තිබී සොයා ගන්නා ලදී.
පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දී ගම්වැසියන් මාර්ගයක් තැනීම සඳහා පස් රැගෙන ගිය පස් වළක තිබී මාලිගාවේ නටබුන් හමු වූ අතර ඊළඟ මාසයේ මෙහි කැනීම් කටයුතු ආරම්භ විය.
මෙම මාලිගාව චීන මහා ප්රාකාරයට කිලෝමීටර 10 ක් පමණ දුරකින් පිහිටා තිබේ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |