මිනිසුන්ගෙන් සතුන්ට කොවිඩ් ගියත් සතුන්ගෙන් මිනිසුන්ට හැදිලා නෑ

2025 අප්‍රේල් මස 07 ප.ව. 05:05 - {{hitsCtrl.values.hits}}  

කොවිඩ්  -19 වෛරසය සත්වෝද්‍යානවල  සතුන් බලාගන්නා පුද්ගලයන්ගෙන්  සතුන්ට ආසාදනය වීම හැර නැවත එය සතුන්ගෙන් මිනිසුන්ට ආසාදනය වීමේ තත්වයක් ලොව මෙතෙක් වාර්තා වී නැතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවසුවාය.

ඇය මේ බව පවසා සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී අද (18දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඒ නුව දැනට පවතින දත්ත අනුව බළලුන්, ගෝරිල්ලන් සහ මුගටින්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව ඇය පෙන්වා දුන්නාය.

දෙහිවල සත්වෝද්‍යානයේ සිංහයෙකුට කොවිඩ් ආසාදනය වීම සම්බන්ධයෙන් පැහැදලි කරමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...