මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳව කළමනාකරණ හා නියාමන ජාතික කමිටුවක්

2025 අප්‍රේල් මස 07 ප.ව. 11:42 - {{hitsCtrl.values.hits}}  

මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ කළමනාකරණ හා නියාමන ජාතික කමිටුව යනුවෙන් කමිටුවක් පත්කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.

දැනට පවතින නෛතික රාමුවට අනුව ශ්‍රී ලකාවේ මුල් ළමාවිය අධ්‍යාපන ක්‍රමවේදය මධ්‍යම රජය හා පළාත් සභාවලට අයත් ආයතනික ස්ථිර කිහිපයක් හරහා සිදුවන සම්බන්ධීකරණයක් ක්‍රියාත්මක වෙයි.

එම ක්ෂේත්‍රයේ ප්‍රමිතීන් ජාතික මට්ටමින් පවත්වා ගැනීමේ හා අධීක්ෂණය කිරීමේ ක්‍රියාවලිය බලගැන්වීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ.

ඒ අනුව පෙර පාසල්, මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සම්බන්ධයෙන් ජාතික මට්ටමින් නියාමනය, අධීක්ෂණය,, හා මග පෙන්වීම සඳහා අදාළ ක්ෂේත්‍රයේ විද්වතුන්ගෙන් හා තීරණ ගනු ලබන නිලධාරීන්ගෙන් සමන්විතව මෙම කමිටුව පිහිටුවීමට නියමිතය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...