මොරටුව සරසවියේ වෛද්‍ය පීඨයට කුවේටයෙන් මිලියන 6000ක්

2025 ජනවාරි මස 16 ප.ව. 05:30 - {{hitsCtrl.values.hits}}  

මොරටුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීම හා නිම කිරීම සඳහා, ඉතා සහනදායී ණයක් ලෙස රුපියල් මිලියන  6000ක් ශ්‍රී ලංකාවට ලබාදීමට,කුවේට් අරමුදල එකඟත්වය පළ කර තිබේ. ඒ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග පසුගියදා අධ්‍යාපන අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකදීය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ පාසල් 100ක් අන්තර්ජාතික මට්ටමට ගෙන ඒම සඳහා ආධාර කිරීමට බලාපොරොත්තු වන බව කුවේට් අරමුදලේ නියෝජිතයෝ ප්‍රකාශ කළහ. මෙම සාකච්ඡාවට මෙරට කුවේට් තානාපති Khalaf Dhhair මහතා මෙන්ම කුවේට් අරමුදලේ පරිපාලන හා මූල්‍ය කටයුතු අධ්‍යක්ෂ ජෙනරාල් Nedhal A-Olayan සහ කුවේට් අරමුදලේ නැඟෙනහිර, දකුණ ආසියානු හා පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ Yonsef Al-Bader යන මහත්වරු එක්ව සිටියහ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...