යාපනය සිසුන්ට නාවික හමුදාවෙන් තවත් මුහුදු සංචාරයක්

2025 අප්‍රේල් මස 19 පෙ.ව. 10:40 - {{hitsCtrl.values.hits}}  

යාපනය අර්ධද්වීපයේ උසස්පෙළ හදාරනු ලබන තවත් පාසල් සිසු සිසුවියන් 169 දෙනෙකු සඳහා උතුරු මුහුදේ සංචාරයක් ලබා දීමට නාවික හමුදාව 2020 සැප්තැම්බර් 06 වන දින කටයුතු කෙරිණි.

නාවික හමුදාව සතු තල්මසුන් නැරඹීමේ ව්‍යාපෘතිය සඳහා භාවිතා කරනු ලබන ඒ 543 යාත්‍රාව මගින් මෙම සිසු සිසුවියන් මුහුදු සංචාරය සඳහා රැගෙන යන ලද අතර, මෙම අවස්ථාව සඳහා එම සිසු  දරුවන්ගේ ගුරුභවතුන් මෙන්ම දෙමාපියන් පිරිසක්ද සහභාගී වූහ.

මෙහිදී එම සිසු සිසුවියන් හට උතුරු මුහුදේ සාගරික ජෛව පද්ධතිය පිළිබඳව මෙන්ම නීති විරෝධී, වාර්ථා නොවන සහ අවිධිමත් ධීවර කර්මාන්තය හේතුවෙන් සාගරික පරිසරයට වන විනාශය සම්බන්ධයෙන්ද දැනුවත් කිරීම සිදු කෙරිණි. 

තවද, මීට පෙරද නාවික හමුදාව විසින් මෙවැනිම මුහුදු සංචාරයක් යාපනය අර්ධද්වීපයේ උසස්පෙළ හදාරනු ලබන පාසල් සිසු සිසුවියන් 161 දෙනෙකු වෙත පසු ගිය අගෝස්තු මාසයේදී ලබා දීමට කටයුතු කල අතර, මෙම මුහුදු සංචාරය ද නාවික හමුදාව සියළු ආරක්‍ෂක විධිවිධාන අනුගමනය කරමින් සංවිධානය කරන ලදි. 

සිසු සිසුවියන් හට ඉතා නැවුම් අත්දැකීමක් ගෙන දුන් මෙම මුහුදු සංචාරය මගින් ශ්‍රී ලංකාවට අයත් කළාපයේ සාගර සම්පත් සහ එම සම්පත් සුරක්‍ෂිත කිරීමේ වැදගත්කම පිළිබඳව සුවිශේෂී දැනුමක් ලබා ගැනීමටද එම හැකියාවක් ලැබුණි.

 

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...