2024 දෙසැම්බර් මස 03 ප.ව. 10:23 - {{hitsCtrl.values.hits}}
රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් ඔවුන්ට අත්විදීමට සිදුවූ පාඩුව සිරියාවේ, චෙච්නියාවේ හා ඇෆ්ගනිස්ථාන යුද්ධ වලදී රුසියාව ලැබූ හානිවලට වඩා වැඩි බව යුක්රේන ජනපති සෙලෙන්ස්කි පවසයි.
රුසියානු භාෂාවෙන් රුසියානුවන් අමතමින් සෙලෙන්ස්කි පැවැසුවේ "රුසියානු හමුදා යුක්රේනයේ පාඩු අත්විදිමින් සිටිනවා. එය සිරියාවේ හෝ චෙච්නියාවේදී අත්විදි පාඩුවට වැඩියි. ඔවුන් ඇෆ්ගනිස්ථානයේදී එවැනි හානියක් ලබා නොමැත." යනුවෙනි.
යුක්රේනය ආක්‍රමණය කිරීමේදී රුසියානු සෙබළුන් 7,000කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව ඇමෙරිකානු බුද්ධි අංශ ගණන් බලා ඇත.
විවිධ ඇස්තමේන්තු වලට අනුව, ඇෆ්ගන් යුද්ධයේදී (1979-89) සෝවියට් භටයන් 15,000 ක් පමණ මිය ගිය අතර, චෙච්නියානු යුද්ධයේදී අවම වශයෙන් රුසියානු හමුදාවේ 13,000 ක් පමණ මියගොස් ඇත. නමුත් සිරියානු යුද්ධයේදී සිය ගණනක් මියගොස් තිබේ.
මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |