යුද හමුදාවේ සහල් යුද හමුදා සාමාජිකයන්ට සහන මිලට

2025 අප්‍රේල් මස 17 ප.ව. 05:16 - {{hitsCtrl.values.hits}}  

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සංකල්පයකට අනුව දියත් කරනු ලබන ‘තුරු මිතුරු - නව රටක්’ හරිත ව්‍යාපෘතියට සමගාමීව පුරන් වූ කුඹුරු අස්වද්දා ලබාගත් සහල් තොග සහනදායි මිල ගණන් යටතේ යුද්ධ හමුදා සාමාජිකයින් අතර බෙදාදීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව යුද හමුදා මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව, 2019 ‘මහ’ කන්නයේ සහ 2020 ‘යල’ කන්නයේ දී ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයට යාබදව පිහිටි පුරන්වූ කුඹූරු සහ යුද්ධ හමුදා ගොවිපල වලට අයත් කුඹුරුවල ‘සුවඳැල්’ සහ ‘කළුහීනටි’ ආදී වී ප්‍රභේදයන් වපූරා පළිබෝධනාශක සහ රසායනික ද්‍රව්‍ය අවම වශයෙන් භාවිත කර නෙළාගත්තා වූ අස්වැන්න මෙලෙස යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ප්‍රයෝජනය සඳහා ලබාදීම සිදුකෙරේ.

මෙලෙස නෙළාගත් විෂ රසායනික ද්‍රව්‍ය රහිත සහල් තොග ආරක්‍ෂක සේනා මූලස්ථාන, පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි රෙජිමේන්තු මධ්‍යස්ථාන සහ කැන්දලන්ද, මැනිං ටවුන්, රුක්මල්ගම, පානළුව, ජාවත්ත සහ වත්තල ප්‍රදේශයන්හී පිහිටි යුද්ධ හමුදා සේවා වනිතා ඒකක යටතේ පවත්වාගෙන යනු ලබන සුභ සාධක වෙළඳසැල්හි අලෙවි කරයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...