2025 අප්‍රේල් මස 07 ප.ව. 07:00 - {{hitsCtrl.values.hits}}
සෞඛ්‍ය අමාත්‍යංශය ලබා දී ඇති උපදෙස් අනුව එක් පන්තියක සිටිය හැකි උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව 15 කට සීමා කර ඇතැයි සෞඛ්‍ය ලෙක්ම් මාහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.
ඒ අනුව සිසුන් 30 ක් සිටින පන්තියක ශිෂ්‍ය කණ්ඩායම් දෙකකට වෙන්කර සතියක් හැර සතියක් වශයෙන් පාසල්වලට කැඳවිය යුතු බවද මහාචාර්ය කපිල පෙරේරා මහතා කීය.
එක් අංශයක සිසුන් සංඛ්‍යාව 30 කට වැඩිවන අවස්ථාවක එම පන්තියේ ශිෂ්‍ය සංඛ්‍යාව කණ්ඩායම් තුනකට වෙන් කර එක් සතියකට එක් කණ්ඩායමක් වන අයුරින් පාසල්වලට කැඳවිය යුතු බවද ලේකම්වරයා පැවසීය.
( රංජන් කස්තුරි )
![]() |
diary Read more... |