රන් මිල ඉහළට

2025 අප්‍රේල් මස 19 පෙ.ව. 10:23 - {{hitsCtrl.values.hits}}  

කෝවිඩ්19 වසංගත තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳාම තුළ රත්‍රං සම්බන්ධයෙන් ඇතිව තිබෙන තත්ත්වයන් සමගින් ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළ තුළ රත්‍රං මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

Colombo GOLD Center ෆේස්බුක් පිටුවට අනුව අගෝස්තු 08 වැනිදා වනවිට කැරට් 24ක රන් පවුමක (පවුමකට ග්‍රෑම් 8කි) මිල රුපියල් 110,000ක් ලෙස දැක්විණි.

කැරට් 22ක රන් පවුමකට රුපියල් 100,850ක් හා කැරට් 21 රන් පවුමකට රුපියල් 96,250ක මිලක් සටහන් වී තිබුණි.

මේ වසරේ අප්‍රේල් 08 වැනිදා සිට අගෝස්තු 08 වැනිදා දක්වා මාස හතරක කාලයක් තුළ කැරට් 24 රන් පවුම රුපියල් 6000කින්, කැරට් 22 රන් පවුම රුපියල් 5500කින්, කැරට් 21 රන් පවුම රුපියල් 5250කින් ඉහළ ගොස් තිබේ.

එසේම මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අගෝස්තු 08 වැනිදා දක්වා කාලය සලකා බැලීමේදී කැරට් 24 රන් පවුම රුපියල් 35,500කින්, කැරට් 22 රන් පවුම රුපියල් 32,550කින්, කැරට් 21 රන් පවුම රුපියල් 31,050කින් ඉහළ ගොස් තිබේ.

 

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...