2025 ජනවාරි මස 16 ප.ව. 02:15 - {{hitsCtrl.values.hits}}
මධ්‍යම රුසියාවේ උලියානොව්ස්ක් ප්‍රදේශයේ ළදරු පාසලකදී අඟහරුවාදා වෙඩි තබාගත් මිනිසෙක් සිය දිවි නසා ගැනීමට පෙර දරුවන් දෙදෙනෙකු සහ එක් ගුරුවරයෙකු ඝාතනය කර තිබේ.
පෙර පාසලේ දිවා නින්දේදී වෙෂ්කයිමා ගම්මානයේ මෙම ඛේදවාචකය දිග හැරුණු බව මාධ්‍ය කිහිපයක් වාර්තා කළේය. මෙම සිද්ධියෙන් පුද්ගලයන් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව පළාත් පාලන ආයතන තහවුරු කර තිබේ.
මියගිය අය අතර පස් හැවිරිදි පිරිමි ළමයෙකු සහ හය හැවිරිදි ගැහැණු ළමයෙකු සහ කාර්ය මණ්ඩලයේ එක් සාමාජිකයෙකුද සිටින බව වාර්තා වේ. අවම වශයෙන් එක් කාන්තාවක් ද තුවාල ලබා ඇත.
වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා 26 හැවිරිදි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට පොලිසිය හඳුනාගෙන තිබේ. ඔහුගේ අභිප්‍රාය තහවුරු කිරීමට බලධාරීන් මේ වනවිට කටයුතු කරමින් සිටියද, සැකකරුට මානසික සෞඛ්‍ය ගැටලු ඇති බව රුසියානු මානව හිමිකම් කොමසාරිස් ටැටියානා මොස්කල්කෝවා වාර්තා කළේය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |