රුහුණු සරසවියට නිසි බලධරයෙක්

2025 මාර්තු මස 20 පෙ.ව. 04:38 - {{hitsCtrl.values.hits}}  

රුහුණු විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා සතු බලතල සහ කාර්යන් ක්‍රියාත්මක කිරීම සඳහා අද (25) සිට බලපැවැත්වෙන පරිදි නිසි බලධරයා ලෙස ජ්‍යේෂ්ඨ  මහාචාර්ය ආර්.එම්.යූ.එස්.කේ.රත්නායක මහතා පත්කරමින් අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන ,උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය විසින් අති විශේෂ ගැසට් නි වේදනයක් නිකුත් කර ඇත.

මෙම විශ්ව විද්‍යාලයේ පරිපාලන කටයුතු බරපතළ ලෙස අවුල්වී ඇති බවට සහ එය සාමාන්‍ය තත්වයට නැවත  පත්කිරීමට එහි බලධාරීන් අපොහොසත්වී ඇති බවට සෑහීමට පත්වීමෙන් පසුව 1978 අංක 16 දරන  විශ්ව විද්‍යාල පනත යටතේ පැවරී ඇති බලතල අනුව මෙම පත් කිරීම සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යවරිය විසින්  ඊයේ(24) දාතමින් නිකුත් කරන ලද එම  ගැසට්  නිවේදනයේ සඳහන්වේ.

මේ අනුව විශ්ව විද්‍යාල පනත යටතේ උප කුලපතිවරයා වෙත පැවරී ඇති හෝ පවරන ලද බලතල හා කර්තව්‍යයන් ක්‍රියාත්මක කිරීමේ කාර්යන් සඳහා එකී විශ්ව විද්‍යාලයේ උප   කුලපතිවරයා වෙනුවට මෙම නිසි බලධරයා පත් කරන බව එම ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත්කර ඇත.

ජේ.ඉඳුරුවගේ 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...