ලංකාවේ කුමාරයෙක් ගැන චීනයේ යන කාටූනය

2024 දෙසැම්බර් මස 22 ප.ව. 10:19 - {{hitsCtrl.values.hits}}  

පැරණි කාලයේ චීනයට පැමිණි ලංකාවේ කුමාරයෙක් හා සම්බන්ධ කාටූනයක් චීනය විසින් නිර්මාණය කර තිබේ. මෙම කාටූනය දෙසැම්බර් මස 20 වැනිදා සිට, සෑම සතියේ දිනකම පස්වරු 18:40ට එම කාටූනය BRTV ළමා නාළිකාවේ විකාශය කෙරෙයි.

මෙම කාටූනය බෙයිජිං ගුවන් විදුලි හා රූපවාහිනී මධ්යස්ථානය විසින් නිර්මාණය කර තිබේ. Ceylon කුමාරයාගේ නැගෙනහිරට ගමන ලෙස නම් කර තිබේ.  වරුණි  JZ  නමින්  ෆේස්බුක් හි පෙනී සිටින චීන ජාතිකාව මේ පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමෙන් සටහනක් එක් තිබුණි.

ඇය පවසන්නේ මෙම කාටූනය හරහා  චීන ළමයින්ට ලස්සන රටක් වන ශ්රී ලංකාව සහ දෙරටේ සාම්ප්රදායික මිත්රත්වයේ දිගු ඉතිහාසය ගැන දැන ගැනීමට හැකි බවයි.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...