ලංකාවේ වයස්ගතම යෝධ ඉබ්බාට හිස තෙල් ගායි

2025 අප්‍රේල් මස 19 ප.ව. 09:07 - {{hitsCtrl.values.hits}}  

අලුත් අවුරුදු චාරිත්‍ර අතර සුවිශේෂී ස්ථානයක් ගන්නා හිස තෙල් ගෑමේ උත්සවය යෙදී තිබූ   අප්‍රේල් මස 16 දින පූර්වභාග 09.04  ට යෙදුණ නැකතට අනුව  උතුරු දිශාව බලා  හිසට දිවුල් කොළද පයට ඉඹුල් කළද   තබා   සංඝරත්නයේ සෙත් පිරිත් සච්ඡායනය මැද  හිස තෙල් ගෑම දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී සිදුකරනු ලැබිණි.

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජෙනරාල්  චන්දන රාජපක්ෂ මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනුෂිකා මානවඩු , ජ්‍යෙෂ්ඨ පශු වෛද්‍ය නිලධාරි ධම්මිකා දසනායක මහත්මිය ඇතුලු,පශු වෛද්‍ය වරියන් වන අමිලා කලුතන්තීරිගේ, දිනූෂා සොන්නන්රදර,   ඇතුලු  සත්වෝද්‍යාන පාලන අධිකාරිය උසස් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් දෙහිවල ප්‍රතිබිම්බාරාම විහාරවාසී විලච්චියේ විමලසාර නාහිමියන් ,පැපිලියාන සුගතහිමි  ඇතුළු මහා සංඝරත්නය විසින් හිසතෙල් ගෑම සිදුකරනු ලැබිණි 

සත්වෝද්‍යානයේ වාසයකරන කඩොල් ඇතාගේ නැකතට තෙල් ගෑම සිදුකල අතර, දැනට ශ්‍රී ලංකාව තුළ ජීවත් වන වයස්ගතම සත්වයා වන වයස 153 ක් වන යෝධ ඉබ්බාගේ තෙල් ගෑමද සිදු කරනු ලැබිණි 

මේ අතර . මේ දිනවල සත්වෝද්‍යානයේ කාගෙත් සිත් දිනාගත් සත්ව හුවමාරු වැඩසටහන යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් දෙහිවල සත්වෝද්‍යානයට ලැබුණු දුඹුරු වලසාගේ හිස තෙල් ගෑම,  සත්වෝද්‍යානය වාසය කරන ජිරාෆ් , කගවේනා  ඇතුළුව තවත් සතුන්ගේ හිස තෙල් ගෑම ද මෙහිදී සිදු කරනු ලැබිණි 

ඡායාරූප:= 
ලංකාවේ වයස්ගතම වයස අවුරුදු 153 ක් වන යෝධ ඉබ්බාගේ හිසතෙල්ගෑම ප්‍රතිබිම්බාරාම විහාරාවාසි විලච්චියේ විමලසාර හිමියන් විසින් සිදුකල අයුරු 

පින්නවල අලි අනාගාරයේදී 2012  වසර ඉපිද පසුගිය නොවැම්බර් මස දෙහිවල ජාතික සත්වෝද්‍යානය වෙත රැගෙන එනු ලැබූ එකම පිරිමි හස්තියා වන " කඩොල් ඇත් පැටවා" ට හිසතෙල
 ගෑම සිදුකල අයුරු. 

 

දෙහිවල- එච්.එම්.ධර්මපාල 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...