2025 ජනවාරි මස 16 පෙ.ව. 11:37 - {{hitsCtrl.values.hits}}
ලබන සතියේදීද පාසල් පැවැත්වීම දින තුනකට පමණක් සීමා වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සඳුදා සිට බදාදා දක්වා පාසල් පැවැත්වෙයි.
බ්‍රහස්පතින්දා දිනය නිවාඩු දිනයක් හෙයින් එදින පාසල් නොපැවැත්වෙන අතර සිකුරාදා දිනයේදි මාර්ග ගතව හෝ නිවෙස් පාදක ක්‍රමවේදයන් යටතේ අධ්‍යාපන කටයුතු සිදුකළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වයි.
මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද දිනයේදී පවත්වා ඇති අතර එහිදී ඉහත තීරණ ගෙන තිබේ. එසේම ප්‍රවාහන අපහසුතා බල නොපාන පාසල්වල විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ එකඟතාවය අනුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගේ අනුමැතිය මත සිකුරාදා දින ද පාසල් පැවැත්විම හා සෑම ගුරුවරයෙක්ටම අවම වශයෙන් සතියට දින තුනක් පාසල් පැමිණ ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට හැකිවන පරිදි නම්‍යශීලි කාලසටහනක් ක්‍රියාත්මක විය යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |