ලොව විශාලතම මැඩියා සොයාගනියි

2025 ජනවාරි මස 29 පෙ.ව. 03:52 - {{hitsCtrl.values.hits}}  

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ කොන්වේ ජාතික වන උද්‍යානයේ නිලධාරීන්ට ලොව විශාලතම මැඩියා සොයා ගැනීමට  හැකියාව ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම විශාල මැඩියා ජනවාරි 12 වැනිදා වනජීවි නිලධාරීන් විසින් සොයා ගනු ලැබ ඇත.මෙම විශාල මැඩියාට "ටොඩ්සිලා" ලෙස නම් තබා තිබේ.

වනජීවී නිලධාරීන් මෙම මැඩියාගේ ඡායාරූපයක් මාධ්‍ය වෙත අද (20)  නිකුත් කරමින් පවසා ඇත්තේ මෙම මැඩියා ලෝකයේ විශාලතම මැඩියා බවට තමන් විශ්වාස කරන බවයි.

මෙම මැඩියාගේ බර කිලෝග්‍රෑම් 2.7 කි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...