ලොවක් බලා සිටි රයන් අවසන් ගමන් යයි

2024 නොවැම්බර් මස 18 පෙ.ව. 10:16 - {{hitsCtrl.values.hits}}  

මොරොක්කෝවේ පටු විවරයක් සහිත ළිඳක මීටර් 32ක පමණ ගැඹුරක සිරවී සිට රයන් ඉන් බේරා ගැනීමෙන් සුළු වේලාවකට පසුව නිවේදනය කළේ ඔහු ජීවිතක්ෂයට ත්ව ඇති බවයි.

ගලවා ගැනීමේ කණ්ඩායම් දින 4ක පමණ අඛණ්ඩ මෙහෙයුමකින් පසුව රයන් බේරා ගනු ලැබීය. ඔහු බේරා ගැනීමේ මෙහෙයුම නැරඹීමට පැමිණි විශා ල පිරිසක් රයන් බේරගත් පසු ප්‍රීතිඝෝෂා නඟා ඇතත් සියල්ලන්ම කම්පා කරමින් රයන් ඒ වන විටත් අවසන් ගමන් ගොස් තිබුණි.

නාය යෑමක් සිදුවේ යැයි බියෙන් මුදාගැනීමේ කටයුතු ඉතාමත් සියුම්ව සිදුකළ යුතු වූ අතර සෙනසුරාදා සවස් වන විට රයන්ව ළිඳෙන් පිටතට ගැනීමට හැකිවිය.

පසුගිය අඟහරුවාදා අනතුර සිදුවන විට රයන් ගේ පියා ළිඳ අලුත්වැඩියා කරමින් සිටියේය. ඔහු පසුදින ප්‍රාදේශීය මාධ්‍ය වෙත පැවසුවේ ඔහුගේ පුතා “ඒ එක මොහොතක මම ඔහුගෙන් දෑස් ඉවතට ගත්” අවස්ථාවේදී පතුවළෙන් වැටී ඇති බවයි.

 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...