2025 අප්‍රේල් මස 07 ප.ව. 11:21 - {{hitsCtrl.values.hits}}
පේරාදෙණිය විශ්වවිද්‍යාල පුස්තකාලයේ ඇති මහා වංශයේ සියලු කොටස් කිසිදු අඩුවකින් තොරව අන්තර්ගතව තිබෙන පුස්කොළ පොත් එකතුව පරීක්ෂා කිරීමට පැමිණි යුනෙස්කෝ සංවිධාන නියෝජිතයින් ඒ පිළිබඳ සෑහිමකට පත්ව මහා වංශය පුස්කොළ පොත යුනෙස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් ලෙස නම්කර කිරීමට තීරණය කර තිබේ.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පොත් එකතුවට වසර 100 ක් පිරීම නිමිත්තෙන් අද (23) විශ්වවිද්‍යාල පුස්තකාල ශ්‍රවනාගාරයේදී පැවැති මාධ්‍ය හමුවකදී උපකුලපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
මහා වංශය පුස්කොළ පොත යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීමට පියවර ගන්නා බව දැනුම් දුන් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය උපුල් දිසානායක එහිදි සදහන් කළේය.
මෙම අවස්ථාවට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහචාර්ය පරාක්‍රම කරුණාරත්න,පුස්තකාලාධිපති ආර්.මහේෂ්වරන් යන මහත්වරුන් ද සහභාගී වූහ.
(චමිල් රූපසිංහ - lankadeepa)
![]() |
diary Read more... |