ලෝකය වටා තනිවම ගුවන් යානයකින් යන සාරා ලංකාවටත් එයි

2024 දෙසැම්බර් මස 22 ප.ව. 10:04 - {{hitsCtrl.values.hits}}  

මයික්‍රෝ ලයිට් තනි එන්ජින් ගුවන්යානයකින් ලෝකය වටා තනිව පියාසර කළ ළාබාලතම ගුවන් නියමුවරිය ලෙස ලෝක වාර්ථාවක් තැබීමට සූදානම් වන බෙල්ජියම් ජාතික අවුරුදු දහනවයක් වයසැති සාරා රදර්ෆර්ඩ්(Zara Rutherford)  මෙනවිය ඊයේ (28දා) දහවල් එකහමාරට පමණ රත්මලාන ගුවන් තොටුපලට පැමිණියාය.

රත්මලාන ගුවන්තොටුපොළේදී ඇය පැමිණි සැහැල්ලු ගුවන්යානයට (water salute) ජල ආචාරය දක්වා ඇයව කොළඹ ගුවන් තොටුපලේ  කළමනාකරු අරුණ රාජපක්ෂ මහතා විසින් පිළිගනු ලැබීය.

 පසුගිය අගෝස්තු මස 13 වන දින බෙල්ජියමෙන් ගමන් ආරම්භ කර ඇති ඇය එතැන් සිට ඇමරිකාව බ්‍රිතාන්‍ය රුසියාව ඇතුළු රටවල් ගණනාවක් හරහා ගමන්කොට ඇත.

 ඇය ගමන් ගන්නා ගමන් මාර්ගයේ හතළිස් වැනි රට හැටියට ලංකාවට පැමිණ සිටින ඇය ගුවන් තොටුතොටුපළවල් 52ක නැවතුම් සිදුකර පැමිණ ඇත.

 රටවල් පනස් දෙකක් මහත්දීප පහක් ඔස්සේ ගුවන් සැතපුම් කිලෝ මීටර් 51000 මග ගම්න් කිරීමට බලාපොරොත්තු වන ඇයගේ ගුවන් ගමනට යොදාගත් ගුවන් යානය ඉහළ කාර්ය සාධනයක් සහිත ultralight තනි එන්ජින් ගුවන් යානයකි.

 එම ගුවන් යානයේ වේගය පැයට කිලෝ මීටර් තුන්සීයක් පමණය. අද දින ලංකාවේ ගතකරන ඇයගේ මී ලඟ නැවතුම ඉන්දියාව බව ඇය පැවසීය.

රත්මලාන ගුවන් තොටුපලේ කළමනාකාර අරුණ රාජපක්ෂ මහතා සහ රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සේවාවනිතා සභාපතිනිය මේනකා සොනාලි නානායක්කාර මහත්මිය යන දෙදෙනා ඇයට සමරු තිබිණද පිළිගන්වනු ලැබීය.

මොරටුවේ රේඛා තරංගනී ෆොන්සේකා

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...