වසර 10කට පසු රතු දත්ත පොත සකසයි

2025 අප්‍රේල් මස 07 ප.ව. 04:37 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකාවේ වඳවී යන සහ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සතුන් හා ශාඛ සම්බන්ධව වසර පහකට වරක් සකස් කළ යුතු රතු දත්ත පොත වසර 10කට පසුව නව සංස්කරණය සකස් කිරීම මේ වනවිට පරිසර අමාත්‍යාංශය විසින් අවසන් කර තිබේ.

රතු දත්ත පොත වසර 10ක් තිස්සේ සකස් කර නොමැතිවීම හේතුවෙන් පරිසර අමාත්‍යවරයා ලෙස මින් වසරකට පෙර මහින්ද අමරවීර මහතා වැඩ බාර ගනිද්දී පළමුවෙන්ම අවධානය යොමු කළ රාජකාරිය වුයේ වසර 10ක් තිස්සේ ඇණ හිට තිබු මෙම රතු දත්ත පොත වහාම සකස් කර අවසන් කරන ලෙසයි.

ඒ අනුව පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ඒකකය විසින් රතු දත්ත පොත සකස් කිරීම මේවනවිට අවසන් කර තිබේ

සාමාන්‍යයෙන් රතු දත්ත පොත වර්ගිකරණය කොටස් 09කි.

1 වඳ වී ගිය - Extinct (EX, 2 පරම්පරා ගත ගහනයෙන් තොර වූ - Extinct in the Wild (EW), 3 වඳවී යාමේ උග්‍ර තර්ජනයට ලක්වූ - Critically Endangered (CR), 4 වඳ වී යාමේ ඉහළ අවධානමක් ඇති Endangered (EN), 5 අනතුරට ලක්විය හැකි - Vulnerable Species (VU), 6 අවදානම හමුවේ ඇතිNear Threatened (NT), 7 අවම අවදානමේ ඇති - Least Concern (LC), 8 දත්ත ඌණතා සහිත - Data Deficient (DD), 9 වර්ගීකරණයට ලක් නොකළ - වශයෙනි.

ශ්‍රී ලංකාවේ රතුදත්ත පොතක් අවසන් වරට සකසා තිබෙන්නේ 2012 වර්ෂයේ දීය. ඉන්පසු එම පොත සකස් කරන්නේ වසර 10කට පසුව වීම විශේෂත්වයකි.

රතු දත්ත පොත නව සංස්කරණය එළි දැක්වීම ලබන සිකුරාදා ( 03) දින පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට යෝජිතය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...