වසර දෙකකට පසුව චීනයෙන් ඉහළම දෛනික ආසාදිතයන් වාර්තා වෙයි

2024 ඔක්තෝබර් මස 18 ප.ව. 01:44 - {{hitsCtrl.values.hits}}  

වසර දෙකකට පසුව චීනයෙන් ඉහළම දෛනික COVID-19 රෝගීන් සංඛ්‍යාව ඉරිදා දිනයේදී වාර්තා වී තිබේ. ඉරිදා දිනයේදී වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 526කි.  චින්ඩාවෝ , ෂැංහායි ඇතුළුන ජනාකීර්ණ අගනගර ඇතුළුව පළාත් හා මහ නගර සභා සීමා 14 ක පමණ මෙම රෝගීන් වාර්තා වී තිබේ.

සෞඛ්‍ය විශේෂඥයින් සහ නිලධාරීන් විශ්වාස කරන්නේ ඔමික්‍රොන් ප්‍ර භේදය හේතුවෙන් මෙසේ රෝගීන් සංඛ්‍යාව ඉහළ යන්නට ඇති බවයි.  එසේම චීනය COVID-19 පාලනයේ නව අදියරකට අවතීර්ණ වී ඇතිබවත් වෛරසය පාලනය කිරීම සහ සාමාන්‍ය ජීවිතය පවත්වා ගැනීම අතර සමතුලිතතාවයක් ඇති කර ගැනීම සඳහා වඩාත් නිවැරදි වෛරස් වැළැක්වීමේ පියවර අවශ්‍ය බවත් ඔවුහු පෙන්වා දෙති.

වෛරස් ව්‍යාප්තිය බහුලව පවතින හොංකොං විශේෂ පරිපාලන කලාපයට මායිම්ව ඇති දකුණු චීනයේ ගුවැන්ඩොං පළාතෙන් තහවුරු වූ රෝගීන් 69 ක් වාර්තා වූ අතර එය චීන ප්‍රධාන භූමියේ ඉහළම අගයයි. ඉන් අනතුරුව ඊසානදිග චීනයේ ජිලින් පළාතේ රෝගීන් 54ක් ද, නැගෙනහිර චීනයේ ෂැන්ඩොං පළාතේ කිංඩාඕ වරාය නගරයෙන් රෝගීන් 46ක් ද වාර්තා විය.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...