වැහෙන්න ගිය පාසලේ ළමුන් 6ක් ශිෂ්‍යත්වය සමත්

2025 ජනවාරි මස 02 ප.ව. 10:46 - {{hitsCtrl.values.hits}}  

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට වසර 59 කට පසු ප්‍රථම වරට බප/ කැල  දෙල්ගොඩ අසෝක ප්‍රාථමික විද්‍යාලයේ සිසු දරැවන්  06 දෙනෙකු ශිෂ්‍යත්ව  විභාගය සමත්ව ඇත.  

විද්‍යාලයේ පහ වසරේ මතීෂා දෙවිිමි - ලකුණු  175 , දහමිි දිවාකර - ලකුණු 171 , බිනුරි පබසරා ලකුණු - 167 , හසදි මෙනාරා  ලකුණු 165 , සෙනුල චෙිිතික ලකුණු 161 , තීක්ෂණා ගිමිිහානි ලකුණු - 157 ක් හා  විභාගයට පෙනී සිට     ලකුණු 100 ට වඩා ලබාගත් සිසුහු 34 දෙනෙකි.

2012 වසර වන විට විද්‍යාලයේ සිසුන් සංඛ්‍යාව  50 කට සීමාවී විද්‍යාලය වැසී යාමට ආසන්නව තිබූ වකවානුවක විශ්‍රාම ගිය  හිටපු විදුහල්පති ඵ්. ඵමිි ඵමිි.  බණ්ඩාර  සහ වත්මන් විදුහල්පතිනි මංජුලා අමරතුංග  මහත්ම මහත්මීන්ගේ දැඩි කැපවීම සහ උත්සහාය නිසා මෙම ප්‍රථිපල  විද්‍යාලයට ලැබුණු බව දෙමාපියන් පවසයි⁣. මෙිි වනවිට විද්‍යාලයේ සිසු දරැවන් 212 ක් ඉගෙනුම ලබයි.

දෙල්ගොඩ - සුදත් පුබුදු කීර්ති 
මල්වාන - ඩබ්ලිව් ඩී එම් විතානගේ   

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...