විද්‍යාපීඨවලට බඳවා ගැනීමේ ගැසට් නිවේදනය හෙට

2025 අප්‍රේල් මස 19 පෙ.ව. 10:33 - {{hitsCtrl.values.hits}}  

2018 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල මත 2020 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් ඇතුළත් කිරී‍මට අදාළ ගැසට් නිවේදනය හෙට (2020-09-04 සිකුරාදා) ගැසට් පත්‍රයේ පළ කෙරේ.

මේ සඳහා අයදුම් කිරීම මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ පමණක් සිදුකිරීමට එමඟින් උපදෙස් ලබා දී ඇති අතර, ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk  වෙත පිවිස අදාළ අයදුම්පත් සම්පූර්ණ කළ යුතුය. අයදුම්පත් යොමු කළ හැකි අවසන් දිනය 2020 සැප්තැම්බර් මස 25 වැනි දිනයි.

මාර්ගගත අයදුම්පත් ඉදිරිපත් කිරීමේ දී මතුවන ගැටළු සම්බන්ධයෙන් විමසීම රාජකාරී වේලාවන් තුළ දුරකථන අංක 0112787303/0112787385/0112787393/ 0112787399/0112787444 මගින් සිදුකළ හැකි අතර, ncoe_application@moe.gov.lk යන නිල විද්‍යුත් ලිපිනය මගින් ද ගැටළු ඉදිරිපත් කළ හැකිය.

දිවයින පුරා පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19 ක, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන පාඨමාලා 50ක් ‍සඳහා මෙවර සිසුන් 4253ක් බඳවා ගැනීමට නියමිතය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...