2025 මාර්තු මස 20 පෙ.ව. 05:13 - {{hitsCtrl.values.hits}}
පහසුකම් අඩු පාසල් විද්‍යාගාර සඳහා අධාර ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය කටයුතු සංවිධානය කර තිබේ. ඒ අනුව ප්‍රායෝගික විද්‍යා පරීක්ෂණ සිදුකිරීමේ අභියෝගයන්ට මුහුණ දී ඇති පාසල්වලට ආධාර ලබාගැනීමේ අවස්ථා හිමිවේ. මෙහිදී අධාර ලෙස පිරිනැමෙන්නේ ප්‍රායෝගික විද්‍යා පරීක්ෂණ සිදුකිරීම සඳහා අවශ්‍ය රසායන ද්‍රව්‍ය සහ උපකරණ ය.
මේ සඳහා ඉල්ලුම් කිරීමට කැමති පාසල් විදුහල්පතිවරයාගේ/වරියගේ සහතිකය සහිත ලිපියක් මගින් එය කළ යුතුය. අදාළ අයදුම්පත් 2025 මාර්තු 30 වැනි දිනට පෙර ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ පහත දක්වා ඇති ඊමේල් ලිපිනයට එවිය යුතුය. labdonationslaas@gmail.com
මෙම ආධාර වැඩසටහන ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ මෙවර වාර්ෂික තේමාව වන "විද්‍යාව හා තාක්ෂණය ප්‍රචලිත කිරීම තුළින් ඌන වරප්‍රසාදිතයන් සවිබල ගැන්වීම" යන තේමාව ඔස්සේ ක්‍රියාත්මක ය.
![]() |
diary Read more... |